නොදන්නා තාක්ශණය දන්නා සිංහලෙන්

Breaking

Monday, July 3, 2017

SpaceX සමාගමට තවත් විශිෂ්ඨ ජයග්‍රහනයක් !

ස්පේස් එක්ස් (SpaceX) සමාගම තවත් විශිෂ්ඨ ජයග්‍රහනයක් සනි‍ටුහන් කරගෙන ඇත. පළමු වරට වානිජ අභ්‍යාවකාශ යානවක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවා නැවත ආරක්ෂිතව පෘතුවියට ගෙන්වා ගැනීමට මෙම සමාගමට හැකිවී ඇත.

මෙහි නම (Dragon capsule) නම් වේ. මෙය මුල්වතාවට භාවිතාකරන ලද්දේ 2017 ජුනි 3 වෙනිදා ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට විද්‍ය පර්යේශණ උපකරණ තොගයක් ‍රැගෙන යාමටයි.

මෙය පෘතුවියෙන් පිටත් වී පැය 36කින් ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලගාවී එම මධ්‍යස්ථානයට සම්බන්ධ විය. ඉන්පසු එහි මාසයක් පමණ කාලයක් නැවතී සිටියේ ගගනගාමීහූ මෙහි ඇති බඩු බාහිරාදිය ක්‍රමක් ක්‍රමයෙන් ඉවත් කරගන්නා තුරුය.

ඉන්පසුව පෘතුවිය වටා වටයක් පරිභ්‍රමණය කොට සැළසුම් කළ පරිදි පැසි‍ෆික් සයුරට පතිත විය. මෙය වානිජ වශයෙන් ඉතා වටිනා අවස්ථාවක් බව නො අනුමානය.


අන්තර්ජාලය ඇසුරිණි.

No comments:

Post a Comment

ඔබගේ අදහස මෙහි සදහන් කරන්න

- රන්වන් මකරා -

technology