නොදන්නා තාක්ශණය දන්නා සිංහලෙන්

Breaking

Tuesday, July 4, 2017

ගලීලියෝ ගැලලි ගැන නොපල කතා




1564දී පීසා දී උපත ලැබූ මොහු ඉතාලි ජාතික තාරකා විදයාක්නයෙකි. පළමුව වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියේය සමකාලීන ඇරිස්ටෝටලියානු දර්ශනය පිලිකෙව් කලේය පල්ලියේ එල්ල තිබූ ලාම්පුව පැද්දෙනු දැක "කාලය ඉතා නිවැරදිව මැනීමට දෝලනයේ ඇති වැදගත් කම" 1583 දී තේරුම් ගත්තේය ගණිතය හැදෑරූ එතුමා ද්‍රසඩ්ථතික තුලාව නිපද වීය ගණිත මහාචාර්‍ය වරයෙකු විය. "සියලු ම පතිත වන වස්තූන් ඒවායේ ප්‍රමාණය කුඩා වුවත් විශාල වුවත් එක සමාන ප්‍රවේගයකින් පතිත වන බව කියැවෙන ප්‍රමේයය තේරුම්කර එය සත්‍යයක් බව ඔප්පු කළේය.

ඔහු විසින් සොයා ගත් තවත් කරුණු,


  • චන්ද්‍රයාගේ ආලෝකය පරාවර්ථනයකි.
  • සද මතුපිට නිම්න හා කදු පිහිටා ඇත.
  • ක්ෂීරපථය නිමක් නැති තාරකාවලින් පිරී ඇත.
  • බ්‍රහස්පතීට චන්ද්‍රිකා 4ක් ඇත.
  • සූර්යයා මත ලප ඇති බව.
  • පෘථිවිය දෙසට වස්තූන්ගේ ඒකාකාර චලිතයක් ඇති බව
  • සියලෞ වස්තූනට බරක් ඇති බව


ඔහුගේ නිපැයුම්,


  1. උෂ්ණත්ව මානයක්
  2. සමානුපාතික මාලිමාවක්
  3. වර්තක දුරේක්ශය 


ඇරිටෝටල් වාදීන් මොහු නොරිස්සූ අතර ආගමික අධිකරණ ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය. ඔහු කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්න මෙන් අධිකරණය ඔහුට නියෝග කළේය. ඔහු එසේ ඉල්ලා අස්කරගෙන අනතුරුව මෙසේද කීය. "එප්පූර් සී මුඕවේ" එහෙත් (මා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තත්) එය එසේ සිදුවෙයි.

ජී. ඩබ්ලිව්. නන්දිසේන මහහාගේ "චරිත පන්සියයක්" පොත ඇසුරිනි.


1 comment:

ඔබගේ අදහස මෙහි සදහන් කරන්න

- රන්වන් මකරා -

technology