1. සිරියස්
රාත්‍රී අහසේ දීප්තිමත්ම තාරකාව වේ.(Canis Major) නොහොත් මහ බල්ලා තාරකා රාශියේ පිහිටා ඇත. එම රාශියේ බල්ලාගේ පපුව ප්‍රදේශයේ ඇති මෙම තාරකාව මහා සුපිරි මට්ටමේ නිල් යෝධයෙකු වේ. මහ බල්ලා තාරකා රාශිය ඔරායන් (දඩයක්කාරයා) තාරකා රාශිය අසල පිහිටා ඇත.


2. කැනෝපස්
සිරියස්ගෙන් පසුව දීප්තිමත්ම තාරකාව වේ. කහ මට්ටමේ නිල් යෝධයෙකි. ඉතා දුර්ලභ තාරකාවකි. සිරියස්ගෙන් පසුවට දීප්තිමත් වුවත් සිරියස්ට වඩා ප්‍රමානයෙන් කුඩාය. නමුත් අපගේ හිරුට වඩා ප්‍රමාණයෙන් විශාලය. ආසන්න වශයෙන් හිරුගේ සිට ආලෝක වර්ෂ 74ක් පමණ දුරකින් පිහිටා ඇත.
3. රීජෙල් කැන්ටාරුස්
ඇල්පා සෙන්චෝරි ලෙසද හදුන්වනු ලබයි. රාත්‍රී අහසේ තෙවන දීප්තිමත්ම තාරකාව වේ. එමෙන්ම පෘතුවියට තෙවන ආසන්නම තාරකාව වේ. ආලෝක වර්ෂ 4.3ක් පමණ ඈතින් පිහිටා ඇත. පෘතුවියට දෙවන ලගම තාරකාව වූ කලී පෘතුවියේ ප්‍රමාණයක යම්තරමක සමාන කමක් දක්වන ප්‍රොක්සිමා සෙන්චෝරි නම් වූ කුඩා තාරකාවය. ප්‍රොක්සිමා සෙන්චෝරි සහ මෙම ඇල්ෆා සෙන්චෝරි යනු සෙන්ටෝරස් නම් වූ තාරකා රාශියේ තරු වේ. පෘතුවියට ලගම තාරකාව කුමක්ද? පුලුවන් නම් කියාපල්ලා. සුවර් බොලාට බෑ.
4. ආ(ර්)ක්ටරස් ( Arcturus )
ගෝලීය වළාවකින් වැසී ඇති නිසා පියවි ඇසින් බැලූවිට හදුනා ගැනීමට අපහසු තාරකාවකි. බූටස් නම් තාරකා රාශියේ දීප්තිමත් ම තාරකාව වේ. රැ අහසේ සිව්වෙනි දීප්තිමත් තාරකාව වේ.

5. වෙගා
සමහරුන් පවසන ආකාරයට හිරුගෙන් පසුව අහසේ ඇති වැදගත්ම තාරකාව වේ. දීප්තිමත් නිල් පැහැති ආලෝකයක් විහිදුවයි. ආක්ටෝරස්, සිරියස්, හැරුනු විට අපේ හිරුගේ අසල්වාසියෙකි. හිරුගෙන් ආලෝක වර්ෂ 26ක් පමණ දුරකින් පිහිටා ඇත. සුපිරි නිල් යෝධයෙකි.

ඉතුරුවා පසුවට. පුලුවන් නම් අර ප්‍රශ්නෙට උත්තර කියන්න. මම ගවේශනාත්මක ලිපියක් දාන්න හිතුවෙ අපේ තරිදුගෙ ලෝකය ලියන තරිදු අයියගෙ ඉල්ලීමකට. මම කවි ලියන්නද මෙව්වා ලියන්නද? ජය බෝලී නාත් !
- රන්වන් මකරා -
No comments:
Post a Comment
ඔබගේ අදහස මෙහි සදහන් කරන්න
- රන්වන් මකරා -