නොදන්නා තාක්ශණය දන්නා සිංහලෙන්

Breaking

Wednesday, July 5, 2017

චන්ද්‍රිකා තාක්ශණයේ පියා ගැන දැන ගනිමු.


කොම්පීතර පි‍ටුව සමග ‍රැදී සිටින ඔබ සැම ආදරයෙන් පිලිගන්නෙමි. නවතම ඔන්ලයින් දැනුම් සාගරයෙන් අද අපි කතා කරන්න යන්නේ ආතර් සී. ක්ලාක් මහතා පිළිබදවය.

එතුමා මෙලොව එලිය දු‍ටුවේ එන්ගලන්තයේ සමර්සෙට් හි මයින්හෙඩ් ගම්මානයේදීය. 

එතුමා කුඩා කළ සිටම තමා විසින්ම නිශ්පාදය කර ගන්නට යෙදුනු දුරේක්ශයක් ආධාරයෙන් රාත්‍රී අහස නිරීක්ශණය කිරීමෙහි නිරතව සිටියේය.  

කුඩා කල සිටම පිහිනීමට හා කිමිදීමට අසාමාන්‍ය දක්ශතාවක් හා ආශාවක් දැක්වූ එතුමා "ටොන්ටන් හුයිශ්ස් ග්‍රැමර් ස්කූල්"දී මූලිඛ අධ්‍යාපනය ලැබීය. 

එකල දිවා ආහාරය මිලදී ගැනීමට තිබූ මුදලත් ක්ලාක් දරුවා වියදම් කලේ විද්‍යා පොත පත මිලට ගැනීමටයි.

දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාවට එක්වුණු මෙතුමා පරමාණු බලය හා රොකට් තාක්ෂණය ගැන අවදානය යොමු කරන්නට විය. 

මෙලෙස ලොව ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව දක්වා ආ ගමන් මග තුල මෙතුමා රචනා කළ විද්‍යා පොත පත ප්‍රමාණය ඉතාම ඉහල අගයක් ගනී. 

2008 මාර්තු 19 වෙනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළණ විට එතුමා ශ්‍රී ලාංකික පුරවැසියෙකුද විය.

https://en.wikipedia.org/wiki/Arthur_C._Clarke

http://www.rupavahini.lk/vinividawiki/academicians-in-sri-lanka/102-arthur-c-clarke.html

9 ශ්‍රේණිය සිංහල කියවීම් පොත ඇසුරිණි.

මේ ලිපිත් කියවා දැනුම ලබා ගන්න.


ගලීලියෝ ගැලලි ගැන නොපල කතා





----------------------------------------------------------------------------------------------------------------------------------------------

2 comments:

ඔබගේ අදහස මෙහි සදහන් කරන්න

- රන්වන් මකරා -

technology